උපදෙස් පත්‍රිකා අංක 01

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා උපදෙස්

ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පහත උපදෙස් කියවන්න.

  • තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම –ආකෘති පත්‍රය
  • ව්‍යාපාර නාම ලියාපදිංචි අයදුම්පතේ පසුපිටෙහි ඇති උපදෙස් ද බලන්න.
  • ව්‍යාපාර නාමය අනුමත කිරීම සිදු කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.

ව්‍යාපාර ස්වාභාවය

  • ව්‍යාපාර ස්වාභාවය වෙළඳාමක්, ආනයන/ අපනයන කිරීමක් හෝ නිෂ්පාදනයක් නම් වෙළදාම් කරනු ලබන, ආනයන/ අපනයන හෝ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පැහැදිලිව සදහන් කල යුතුය.
  • ව්‍යාපාර ස්වාභාවය කාමර/නවාතැන් පහසුකම් සැපයීම, සම්භාහන මධ්‍යස්ථාන/ගෙස්ට් හවුස් වැනි අවස්ථාවලදී ව්‍යාපාරයට අදාළ පොලිස් වසමෙන් ලබා ගත වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ඖෂධ, සුවඳ විලවුන් උපකරණ අලෙවියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර ඇති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් අධ්‍යක්ෂ කාර්යාලයේ නිර්දේශය
  • ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සැපයීමේදී සේවය කරන බවට ආයුර්වේද වෛද්‍යවරයාගේ ලිපිය සහ ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නිකුත් කල හැදුනුම්පතේ පිටපත
  • වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරයන්හීදී අදාළ වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතිකයන්හි ඡායා පිටපත්
  • රුපලවන්‍යගාර සහ ස්පා සම්බන්ධයෙන් අදාළ පුහුණු සහතික
  • පෙර පාසැල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සදහා මුල් ළමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශය

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි

1. ග්‍රාම නිලධාරී වාර්තාව
  • මෙය අදාළ ඉල්ලුම්පත්‍රය සමග නිකුත් කරනු ලැබේ. (ග්‍රාම නිලධාරී වාර්තාව)
  • ව්‍යාපාර ස්ථානයට අදාළ වසම භාර ග්‍රාම නිලධාරී විසින් අත්සන් කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.
  • අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.
2. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
  • ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසිභාවය දරන්නේනම් සනාථ කල යුතු ලියවිලි ඉදිරිපත් කල යුතුය.
  • විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.
  • ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුය.
3. අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම
    • තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
    • බදු/ කුලී ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්නේ නම් එකී ගිවිසුමේ මුල් පිටපත් සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

    (ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමග සසදා ආපසු භාර දෙනු ලැබේ.)

    • ව්‍යාපාර ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මුල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
    • යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුගේ කැමැත්ත මත පමණක් පවත්වාගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකී ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සදහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය සහ එකී තැනැත්තා/ තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

    ඉහත කී ලේඛන මගින් ව්‍යාපාර ලිපිනය තහවුරු නොවන අවස්ථාවලදීඅදාළ ග්‍රාම නිලධාරී විසින් එකී ලිපිනයන් තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය. ආසන්නතම වර්ෂයට අදාළ තක්සේරු දැන්වීමේ පිටපතක් ද මෙහිදී ඉදිරිපත් කල හැක.

4. හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක්
5. රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකුලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත් ඒවා
    • මෙහිදී රෙජිස්ට්‍රාර් විසින් නියම කරනු ලබන ඉහත කී ලියවිලි වලට අමතර වෙනත් ලියවිලි ද කැඳවිය හැක.
    • ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුලත (මෙහීදී දින 30ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ.) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබන අතර එකී ගාස්තුව තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පමණි.
    • රජයේ වැඩ කරන දින 3ත් 5ත් ඇතුලත සහතිකය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
    • ගාස්තු

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා පහත පරිදි ගාස්තු අය කෙරේ.

  • අයෝජනය කරනු ලබන ප්‍රාග්ධන මුදල සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්
ප්‍රාග්ධන අයෝජනය රු.300,000/- දක්වා වන ව්‍යාපාර සඳහා රු.500/-
ප්‍රාග්ධන ආයෝජනය රු300,001/- සිට රු.500,000/- දක්වා වන ව්‍යාපාර සඳහා රු.1,000/-
ප්‍රාග්ධන ආයෝජනය රු.500,000/-ට වැඩි ව්‍යාපාර සඳහා රු.2,500/