ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික නිකුත් කිරීම සඳහා එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේද?
ඔව් මෙම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ක්‍රියාත්මක වේ.
ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා ගතවන දින ගණන කොපමණද ?
මෙහිදී අදාළ අයඳුම්පත සහ ඒ සමඟ ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන නිවැරදිව ඉදිරිපත් කරන්නේ නම් උපරිම වශයෙන් වැඩකරන දින 5 ක් ඇතුළත සහතිකය ලබා ගත හැක.
ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඔප්පුවේ / බදු ගිවිසුමේ/ කුලී ගිවිසුමේ සහතික කළ පිටපත සමඟ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුද?
ඔව්. එය සහතික කරන ලද ඡායාස්ථික පිටපත සමඟ සසඳා බලා ඒ අවස්ථාවේදීම ආපසු භාර දෙනු ලැබේ.
ඔප්පුව/ බදු ගිවිසුම/ කුලී ගිවිසුම සත්‍ය පිටපතක් බවට සහතික කළ යුත්තේ කවුරුන් විසින්ද?
නොතාරිස්වරයෙකු විසිනි.
බස්නාහිර පළාත තුළ පිහිටි ඕනෑම තනි හෝ හවුල් ව්‍යාපාරයක් ඔබ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ හැකිද ?
ප්‍රධාන වශයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද පළාතේ සෙසු සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචිය මෙම දෙපාර්තමේන්තුවේ සිදුකරනු ලැබේ.
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යයද?
අයිතිකරුවන්ගේ ජාතික හැදුනුම්පතහි හෝ වලංගු විදේශ ගමන් පලපත්‍රයෙහි හෝ වලංගු රියදුරු බලපත්‍රෙයහි සත්‍ය පිටපතක් අවශ්‍ය වේ.
ජාතික හැඳුනුම්පත නැතිවී / අස්ථානගතවී/ අපහැදිලි හෝ නැවත සකස් කිරීම සඳහා භාර දී ඇත්නම් ?
නැතිවී හෝ අස්ථාන ගතවී ඇත්නම්,
අදාල වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබාගත් වාර්තාව ඉදිරිපත් කළ යුතුය
අපැහැදිලි අවස්ථාවකදී,
ජාතික හැඳුනුම්පත සමඟ එය තහවුරු කිරීම සඳහා වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ හැක.
නැවත සකස් කිරීමට ග්‍රාම නිලධාරී වෙත ලබා දී ඇති විට,
ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සියේ පිටපත.
ව්‍යාපාරයක් ආරම්භ කර දින කීයක් ඇතුළත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුද?
ව්‍යාපාරය ආරම්භ කළ දින සිට මසක කාලයක් තුළ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ නොමැති නම් ප්‍රමාද වූ මාසයකට රු. 500/- දඩ ගාස්තුවක් අයකරනු ලැබේ.
ප්‍රමාද වී ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සඳහා ප්‍රමාද ගාස්තු තීරණය කරන්නේ කවුද?
රෙජිස්ට්‍රාර්වරයා විසින් තීරණය කර ඇති පොදු මුදලත් සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් අය කරනු ලැබේ.
අයදුම්පත් භාරදීම සඳහා පැමිණිය යුතු දිනයන් හා වේලාවන් කවරේද?
අයඳුම්පත භාරදීම සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා
කාර්යාලය විවෘතව තබන වේලාව පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍රය, ග්‍රාම නිලධාරී වාර්තාව, ජාතික හැඳුනුම්පත, ස්ථානය තහවුරු කරන ලේඛන/ලියවිලි හා වෙළඳ බලපත්‍රය හැර වෙනත් ලියකියවිලි කැඳවිය හැකිද?
ව්‍යාපාර නාම ප්‍රඥප්තියේ 2023.06.06 දිනැති රීතීන් පරිදි රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත්, එකී ලියවිලි භාරදීමට අයදුම්කරු / අයදුම්කරුවන් විසින් එකී ලියවිලි භාර දිය යුතුව ඇත
ලියාපදිංචි කරන ලද ඕනෑම ව්‍යාපාර නාම සහතිකයක පිටපතක් ලබා ගැනීමට අයදුම්කල හැකිද ?
හැකිය.
සහතික පිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?