• සිංහල
  • தமிழ்
  • English
ලිපිනය : අංක 17, පාගොඩ පාර, නුගේගොඩ. | දු.ක : +94112809311 | ෆැක්ස් : | විද්‍යුත් තැපෑල : deptbnrwp@gmail.com
Business Registration Department
  • මුල් පිටුව
  • අප ගැන
    • හැදින්වීම
    • අපගේ දැක්ම සහ මෙහෙවර
    • කාර්ය මණ්ඩලය
    • ආයතනික සංවිධාන ව්‍යුහය
  • අපගේ සේවාවන් හා ගාස්තු
    • අපගේ සේවාවන්
    • ගාස්තු
  • ගැලරිය
    • ඇල්බම් 1
  • බාගත කිරීම්
    • තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය.
    • හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය.
    • ලියාපදිංචි කරන ලද තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර වල වෙනස්කම් සිදු කිරීමේ අයදුම්පත්‍රය.
    • ලියාපදිංචි කරන ලද ව්‍යාපාර නාමයක පිටපත් ලබාදීම/ ව්‍යාපාර නාම ලිපිගොනු/ ලේඛන පරික්ෂා කිරීමට අදාළ අයදුම්පත්‍රය.
    • ව්‍යාපාර නාම අවලංගු කිරීමේ අයදුම්පත්‍රය.
    • ග්‍රාම නිළධාරී වාර්තාව
  • නිතර අසන පැන
  • තොරතුරු පනත
    • තොරතුරු පනතහි විස්තර
    • තොරතුරු නිලධාරී
    • තොරතුරු පෝරම
    • තොරතුරු පනත
    • තොරතුරු ක්‍රියාවලිය
  • අමතන්න
  • Search
  1. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික නිකුත් කිරීම සඳහා එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේද?

නැත.

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සඳහා ගතවන දින ගණන කොපමණද ?

මෙහිදී අදාළ අයඳුම්පත සහ ඒ සමඟ ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන නිවැරදිව ඉදිරිපත් කරන්නේ නම් උපරිම වශයෙන් වැඩකරන දින 05ක් ඇතුළත සහතිකය ලබා ගත හැක.

  1. ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඔප්පුවේ / බදු ගිවිසුමේ/ කුලී ගිවිසුමේ සහතික කළ පිටපත සමඟ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුද?

ඔව්. එය සහතික කරන ලද ඡායාස්ථික පිටපත සමඟ සසඳා බලා ඒ අවස්ථාවේදීම ආපසු භාර දෙනු ලැබේ.

  1. ඔප්පුව/ බදු ගිවිසුම/ කුලී ගිවිසුම සත්‍ය පිටපතක් බවට සහතික කළ යුත්තේ කවුරුන් විසින්ද?

නොතාරිස්වරයෙකු විසිනි.

  1. බස්නාහිර පළාත තුළ පිහිටි ඕනෑම තනි හෝ හවුල් ව්‍යාපාරයක් ඔබ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ හැකිද ?

ප්‍රධාන වශයෙන් කොළඹ, තිඹිරිගස්යාය, දෙහිවල, රත්මලාන හා ශ්‍රී ජයවර්ධනපුර කෝ‍ට්ටේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ට අදාල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන අතර රෙජිස්ට්‍රාර්ගේ අධිකාරිය හා පාලනය යටතේ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් තම බල ප්‍රදේශයන්ට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචිය සිදුකරනු ලැබේ.

  1. ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්යයද?

ඔව්. ප්‍රඥප්තියේ විධි විධාන ප්‍රකාරව එය අනිවාර්ය කර ඇත.

  1. ජාතික හැඳුනුම්පත නැතිවී / අස්ථානගතවී/ අපහැදිලි හෝ නැවත සකස් කිරීම සඳහා භාර දී ඇත්නම් ?

නැතිවී හෝ අස්ථාන ගතවී ඇත්නම්, අදාල වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබාගත් වාර්තාව ඉදිරිපත් කළ යුතුය

අපැහැදිලි අවස්ථා‍වකදී, ජාතික හැඳුනුම්පත සමඟ එය තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රය/ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ හැක.

නැවත සකස් කිරීමට ග්‍රාම නිලධාරී වෙත ලබා දී ඇති විට, ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සියේ පිටපත.

  1. ව්‍යාපාරයක් ආරම්භ කර දින කීයක් ඇතුළත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුද?

ව්‍යාපාරය ආරම්භ කළ දින සිට දින 14 ක් තුළ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතුව ඇත. එසේ නොමැති නම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන වැඩිදුර කාල සීමාවක් තුළ ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුය. ( මෙහිදී රෙජිස්ට්‍රාර්වරයා විසින් දින 30 ක කාලයක් ලබා දී ඇත.)

  1. ප්‍රමාද වී ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සඳහා ප්‍රමාද ගාස්තු තීරණය කරන්නේ කවුද?

ප්‍රමාද ගාස්තු තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා හෝ ඒ සඳහා බලය ලත් නිලධාරියා වන ප්‍රාදේශිය ලේකම්වරයා විසිනි.

  1. අයදුම්පත් භාරදීම සඳහා පැමිණිය යුතු දිනයන් හා වේලාවන් කවරේද?

අයඳුම්පත භාරදීම සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා

කාර්යාලය විවෘතව තබන වේලාව පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා

  1. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍රය, ග්‍රාම නිලධාරී වාර්තාව, ජාතික හැඳුනුම්පත, ස්ථානය තහවුරු කරන ‍ලේඛන/ලියවිලි හා වෙළඳ බලපත්‍රය හැර වෙනත් ලියකියවිලි කැඳවිය හැකිද?

ඔව්. ව්‍යාපාර නාම ප්‍රඥප්තියේ රීතීන් පරිදි රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත් එකී ලියවිලි භාර දීමට අයදුම්කරු/ අයදුම්කරුවන් විසින් ඒවා භාර දිය යුතුව ඇත.

  1. ලියාපදිංචි කරන ලද ඕනෑම ව්‍යාපාර නාම සහතිකයක පිටපතක් ලබා ගැනීමට අයදුම්කල හැකිද ?

හැක.

  1. සහතික පිටපතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?

අයදුම්පත්‍රය. (බ.ප. ආර් 06)

සහතික පිටපත අවශ්‍ය වීමට හේතු සඳහන් කරන ලද ලිපිය

ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපත.

©Copyright - Business Name Registration Department (WP) | Designed By: ITRDA - WP
Last updated: October 6, 2017 at 10:44 am
Scroll to top