උපදෙස් පත්‍රිකාව අංක 04

ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය අවලංගු කිරීම සදහා උපදෙස්

ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පහත උපදෙස් කියවන්න.

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි

  1. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
  • ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද ආකෘතිය
  • විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.
  1. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කලලියාපදිංචි සහතිකය
  • එසේ අවසන් වරට නිකුත් කල සහතිකය අස්ථානගත වී/ දිරාපත් වී ඇතිනම් එහි සත්‍ය පිටපතක් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගැනීම සදහා නියමිත ගාස්තු ගෙවා ඉල්ලුම් කල යුතුය.
  • ඊට අමතරව සහතිකය අස්ථානගත වූ/ දිරාපත් වූ බවට සාමදාන විනිශ්චයකරුවකු/ දිවුරුම් කොමසාරිස් විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කල යුතුය.
  1. ව්‍යාපාරය නතර කර ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාව (මෙය ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.)

–  අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.

  • තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරු මියගොස් ඇතිවිට එදින සිට ව්‍යාපාර කටයුතු අවසන් වේ. ඒ සදහා අවලංගු කිරීමේ සහතිකයක් ලබා ගත යුතුය.
  • මෙහිදී මියගිය අයගේ පෞද්ගලික නියෝජිතයකු විසින් එකී ව්‍යාපාරය අවසන් කිරීම සදහා වන ඉල්ලුම්පත්‍රය අත්සන් කල යුතු අතර එසේ අත්සන් කරන තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සහ ඔහු/ ඇයගේ ඥාතීත්වය තහවුරු කරන ලියවිලි (උදා: උප්පැන්න සහතිකයේ/ විවාහ සහතිකයේ පිටපත්) සාමදාන විනිශ්චකරුවකු/ දිවුරුම් කොමසාරිස් විසින් සහතික කල මරණ සහතිකයේ පිටපතක්ද සමග ඉදිරිපත් කල යුතුය.
  • ව්‍යාපාරයක ඉල්ලුම්කරුගේ/ ඉල්ලුම්කරුවන්ගේ අත්සන ඊට ප්‍රථම තැබූ අත්සනට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇතිනම් එසේ වෙනස් වූ බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය. එකී දිවුරුම් ප්‍රකාශයේ ඉල්ලුම්කරුගේ ආදර්ශ අත්සන තැබිය යුතු අතර එය සාමදාන විනිශ්චකරුවකු/ දිවුරුම් කොමසාරිස් විසින් සහතික කල යුතුය. අත්සනෙහි සුළු වෙනස්කම් සහිත විටදී අදාළ ඉල්ලුම්කරු/ ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුව වෙත පැමිණ අත්සන් කල යුතුය.
  • ව්‍යාපාරය නතර කර මාස 03 ක් ඇතුලත ඒ බව නියමිත ආකෘතියෙන් දැන්විය යුතු අතර ප්‍රමාද වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා රු. දහසක (රු. 1000.00) ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.
  • ව්‍යාපාර නාමයක් අවලංගු කිරීම සදහා ගාස්තු අය කරනු නොලැබේ.
  • රජයේ වැඩ කරන දින 5 ක් ඇතුලත සහතිකය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
  • අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00

 

දුරකථන අංක :-    රෙජිස්‍ට්‍රාර් – 011 2809311

                            පොදු       – 011 2809338