උපදෙස් පත්‍රිකා අංක 2

ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක වෙනස්කමක් සිදු කිරීම සදහා උපදෙස්

ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පහත උපදෙස් කියවන්න.

 

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි

 

  1. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
  • ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.
  • ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද ආකෘතිය
  • විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.

 

  1. අදාළ වෙනස්කම සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී වාර්තාව (මෙය ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.)
  • අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.

 

  1. අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම
  • තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
  • බදු/ කුලී ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්නේ නම් එකී ගිවිසුමේ මුල් පිටපත් සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

(ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමග සසදා ආපසු භාර දෙනු ලැබේ.)

  • ව්‍යාපාර ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මුල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
  • යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුගේ කැමැත්ත මත පමණක් පවත්වාගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකී ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සදහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය සහ එකී තැනැත්තා/ තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

 

ඉහත කී ලේඛන මගින් ව්‍යාපාර ලිපිනය තහවුරු නොවන අවස්ථාවලදීඅදාළ ග්‍රාම නිලධාරී විසින් එකී ලිපිනයන් තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය. ආසන්නතම වර්ෂයට අදාළ තක්සේරු දැන්වීමේ පිටපතක් ද මෙහිදී ඉදිරිපත් කල හැක.

  1. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කලලියාපදිංචි සහතිකය
  • එසේ අවසන් වරට නිකුත් කල සහතිකය අස්ථානගත වී/ දිරාපත් වී ඇතිනම් එහි සත්‍ය පිටපතක් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගැනීම සදහා නියමිත ගාස්තු ගෙවා ඉල්ලුම් කල යුතුය.
  • ඊට අමතරව සහතිකය අස්ථානගත වූ/ දිරාපත් වූ බවට සාමදාන විනිශ්චයකරුවකු/ දිවුරුම් කොමසාරිස් විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක් දඉදිරිපත් කල යුතුය.
  • අදාළ වෙනස්කම සිදු වූ දින සිට දින දහහතරක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර් විසින් ඉඩදෙනු ලැබූ වැඩිදුර කාලසීමාවක් ඇතුලත (මෙහීදී දින 30ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ.) තම ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කල යුතුය. නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.එකී ගාස්තුව තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පමණි.
  • යම් ව්‍යාපාරයක ව්‍යාපාරයේ ආරම්භක දිනය හැර ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ සදහන් වෙනත් ඕනෑම කරුණක් වෙනස් කිරීම සදහා මෙම අයදුම්පත ඉදිරිපත් කල හැකිය.
  • අදාළ වෙනස්කම ව්‍යාපාර නාමයක් සම්බන්ධයෙන් වන විටදී එසේ වෙනස් කිරීමට හේතු දක්වා ව්‍යාපාරයේ අයිතිකරු/ හවුල්කරුවකු විසින් ලිපියක් ඉදිරිපත් කල යුතුය.
  • දැනට පවතින ව්‍යාපාර ස්වභාවයට එකතු කිරීම, අඩු කිරීමහෝ වෙනස් කිරීමසදහා මෙම අයදුම්පත ඉදිරිපත් කල හැකිය.
  • ප්‍රධාන ව්‍යාපාර ස්ථානය/ ශාඛාවේ ලිපින හෝ අයිතිකරු/ හවුල්කරුගේ පදිංචි ලිපිනයන්හි වෙනස්කම් සදහා ද මෙම අයදුම්පත භාවිතා කල හැකිය.
  • ව්‍යාපාරයකින් කිසියම් හවුල්කරුවකු/ හවුල්කරුවන් ඉවත් වන්නේ නම් එසේ ඉවත් වන අයගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ඉදිරිපත් කල යුතුය.
  • ව්‍යාපාරයක ඉල්ලුම්කරුගේ/ ඉල්ලුම්කරුවන්ගේ අත්සන ඊට ප්‍රථම තැබූ අත්සනට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇතිනම් එසේ වෙනස් වූ බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කල යුතුය. එකී දිවුරුම් ප්‍රකාශයේ ඉල්ලුම්කරුගේ ආදර්ශ අත්සන තැබිය යුතු අතර එය සාමදාන විනිශ්චකරුවකු/ දිවුරුම් කොමසාරිස් විසින් සහතික කල යුතුය. අත්සනෙහි සුළු වෙනස්කම් සහිත විටදී අදාළ ඉල්ලුම්කරු/ ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුව වෙත පැමිණ අත්සන් කල යුතුය.
  • වෙනස්කම් ප්‍රකාශයක්සදහාරු. 2000.00 ක ගාස්තුවක් අය කෙරේ.
  • රජයේ වැඩ කරන දින 3ත් 5ත් ඇතුලත සහතිකය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
  • අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00

දුරකථන අංක

රෙජිස්‍ට්‍රාර් -011 2809311

පොදු         -011 2809338