හැදින්වීම

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 9 වන උපලේඛණයේ 1 වන ලැයිස්තුව අනුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කාර්ය භාරය පළාත් සභාවලට පැවරීමත් සමග ඒ ඒ පළාත් සභා මගින් ස්වකීය පළාත තුල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම විධිමත් කිරීම සඳහා සකස් කල ප්‍රඥප්ති අනුව කටයුතු කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත.
ඒ අනුව 1990 අංක 04 දරන බස්නාහිර පළාත් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය 1991.01.01 දින සිට ක්‍රියාත්මක කල අතර, 2013.10.01 දින සිට, සං‍ශෝධිත 2011 අංක 5 දරන බස්නාහිර පළාතේ වෙළඳ, සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබූ වෙළඳ ආයතනයන්හි නව ව්‍යාපාර නාම ප්‍රඥප්තිය ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාත තුළ සියළුම ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු  නියාමනය හා සම්බන්ධීකරණයත්, ප්‍රධාන වශයෙන් තිඹිරිගස්යාය සහ කොළඹ දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමත් මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබන අතර, බස්නාහිර පළාතේ සියළුම  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු , අදාළ බස්නාහිර පළාතේ සියළුම  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වෙතින් ඉටු කරවා ගැනීම සඳහා මහජනයා වෙත අවස්ථාව සලසා දී ඇත.